අගෝස්තු මස 4 වැනිදා සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සංචාරක දුම්රියක් ආරම්භ කරන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොළඹදී පවසන ලදී.
එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වී සෙනසුරාදා අලූයම 6.00 ට කන්කසන්තුරේට ළඟා වන බවත් ඉරිදා රාත්‍රී 10:30 ට කන්කසන්තුරෙන් පිටත්ව එම දුම්රිය සඳුදා අලුයම 6.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.
නල්ලූර් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම දුම්රිය අගෝස්තු මස 18 වැනිදා දින සිට දිනපතා ධාවනය කිරීමට සැලසුම් කරන බව අමාත්‍යවරයා සඳහන් කර අතර මෙම අධි සුඛෝපභෝගී දුම්රියේ ආපනශාලා ඇතුළු සියලුම පහසුකම් වලින් සමන්විත බවත් එම දුම්රියේ ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
