හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ඔවුන්ට හිමි විය යුතු ජනාධිපති වරප්‍රසාද පනතට අමතරව ලබා දී ඇති අතිරේක වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපති වරප්‍රසාද පනතට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ,පෞද්ගලික ලේකම් වරයෙක් සඳහා වන වැටුප සහ ඉන්දනය. නමුත් පසුගිය වකවානුවේ දී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට ජල බිල්පත්,විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු අති විශාල වරප්‍රසාද රැසක් ලබා දි තිබිණි.

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන්නැයි රජයට උපදෙස් ලැබී ඇත.

ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් ලබාදී ඇති වරප්‍රසාද පමණක් ලබාදෙන බවත් අමතරව ලබාදුන් සියලුම දෑ කපා හැරීම සිදු කරනු ඇති බවත් සදහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page