2023 වසරේ මුල් මාස කිහිපයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වු රුපියල මේ මාසයේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සදහන් කරයි.
එම වෙබ් අඩවිය වැඩිදුරටත් පවසන්නේ මේ වසර අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යා හැකි බවත් එය රුපියල් 355 දක්වා ඉහළ අගයක් දක්වා යා හැකි බවයි .
මේ වසරේ මුල් අර්ධයේදී ආසියාවේ ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය ලෙස සියයට 19 කින් ශක්තිමත්වූ රුපියල ජුලි මාසයේදී ආසියාවේ දුර්වලම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය බවට පත්වී ඇති බව ඔවුන් තව දුරටත් පැවසුවා .
ඊයේ දිනය වන විට අඛණ්ඩව දින 14ක් තුළ රුපියල 6%කින් අව ප්‍රමාණය වී ඇති අතර පොලී අනුපාත අඩුකිරීම සහ ආනයන සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව බ්ලූම්බර්ග් සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 323.03 බවත් විකිණුම් මිල 336.16ක් බවත්
