කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට නියමු ව්‍යාපෘතියක් ලෙස “ඊ බස් රථ ” ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.
ඒ අනුව විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන මෙම නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.
ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතය ලැබි තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට ” මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තාක්ෂණයෙන් පරිපූර්ණ සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට මේ වන විට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් .ආයෝජකයන් සමඟ එක්ව විදුලියෙන් ධාවනය වන බස් රථ සේවාවක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ද අනුමැතිය දැනට ලැබී ඇති බවත් විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණ බවත් ඔහු පැවසීය.
