සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් ජෙරම් ප‍්‍රනාන්දුගෙන් කොමිස් අරන් ඇති බව වාර්තා වෙනවා.

මේ වන විට රටින් පළා ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ප්‍රදේශයේ මිරකල් ඩෝම් නැමැති ආගමික මධ්‍යස්ථානයට ඉඩම් මිලදී ගැනීමේදී සමගි ජන බලවේගය ආදී කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුට කොමිස් මුදලක් ලබාගෙන ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.

අදාල ඉඩම මිලදී ගැනීමේදී රුපියල් මිලියන 21 ක මුදලක් ලබා දී ඇති බව හෙළිව තිබේ.

රුපියල් මිලියන 92 ක මුදලකට මෙම ඉඩම මිලදී ගෙන ආගමික මධ්‍යස්තානය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 250 ක් වැය කර ඇත. ඊට පුද්ගලයන් 13000 කින් පමණ මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව ද හෙළි වී තිබේ.

මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන් ඇතැම් පුද්ගලයන් කැඳවා කට උත්තර ලබා ගැනීමට රහස් පොලිසිය සැලසුම් කර ඇති බවද සදහන් .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page