ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ .
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිය මතය පළකරන ලෙස මෝදි අගමැතිවරයාට බලකරමිනි.
මෝදි රජය සතුව බහුතර බලයක් පැවතියත් එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වෙතැයි විචාරකයන්ගේ මතයයි.
මේ වන විට පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා මනිපූර් හි ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයින් 130 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද වාර්තා වෙනවා.
