දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් බිලියන 12.2 ක මුදල් හුවමාරු වීම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේවගැතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව දන්වා තිබේ.
