ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඈවර කිරීමට බලාපොරොත්තු වෙන මූල්‍ය සමාගමක් පිළිබඳව එහි මුදල් තැන්පත් කරුවන් වෙත දැනුම් දීමක් සිදු කරයි.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු සදහා නිකුත් කර තිබූ බලපත්‍රය 2019 සැප්තැම්බර් 19 වන දින අවලංගු කරන ලද අතර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ රෙගුලාසි වලට යටත්ව එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 කට යටත්ව වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගන්නා ලදී.

2021 අංක 02 දරණ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම රෙගුලාසිවලට අනුව TKS ෆයිනෑන්ස් ලිමිටඩ් හි තැන්පත්කරුවන්ගෙන් අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2023 සැප්තැම්බර් 19 වන දින වේ. 2023 සැප්තැම්බර් 19 වන දිනට පෙර TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය ඈවර කිරීම සම්බන්ධයෙන් නිසි බලය ඇති අධිකරණයක් විසින් ඈවරකරුවෙකු පත් කරනු ලැබුවහොත්, ඈවරකරු පත් කරන දිනය හිමිකම් අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page