නයිජර් රාජ්‍යයේ බලය අල්ලා ගත් බව එරට හමුදාව විසින් ප්‍රකාශයට පත් කොට ඇත.
එරට ජනාධිපති මොහොමඩ් බාසූම් 26 වන දා ආරක්ෂක භටයින් විසින් අල්ලාගෙන පැය කිහිපයකට පසු නයිජර්හි බලය අල්ලා ගත් බව එරට හමුදාව ප්‍රකාශ කර ඇත.
“සොල්දාදුවන් කිහිප දෙනෙකු විසින් වටකර සිටින මිනිසෙක් යටතේ, පිරිහෙන ඔබ දන්නා පාලන තන්ත්‍රය අවසන් කිරීමට අපි තීරණය කළෙමු” යනුවෙන් නයිජර් හමුදාව නිවේදනය කළේය.
එරට ජාතික ආයතන අත්හිටුවා ඇති අතර රටේ ගොඩබිම් මායිම් තාවකාලිකව වසා දමා ඇති බව ද එම හමුදා පවසයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටියේ නයිජර්හි ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු වෙනස දැඩි ලෙස හෙළා දකින අතර ,නයිජර්හි ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරිමේ මූලධර්මවලට යොමු කරන සියලු ක්‍රියා වහාම නතර කරන ලෙසය.
