මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවටත් ඔවුන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කරනු ලැබිය.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩිනම් විසඳුමක් ලබා දෙන බවත් රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට කටයුතු සිදුකරගත හැකි ආකාරයත් පැහැදිලි කර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද, මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සහ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා සහ නිමලසේන ගාර්දිය පුංදිහේවා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ වාර්තා කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page