දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අර්ථසාධක අරමුදල ආයෝජනය කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලට ලැබෙන පොලිය සියයට නවයක් තෙක් අඩු කිරීමට ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර ඇත .
අදාළ තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත .
ජාතික ජන බලවේගය නියෝජනය කරන චතුරංග අබේසිංහ හා නීතිඥ සුනිල් වටගල මහත්වරැන් විසිනි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, මහ බැංකු මූල්‍ය මණ්ඩලය සේවක භාරකාර අරමුදල අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.
