විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට හැර යාම සීඝ්‍ර ලෙස සිදුවෙමින් පවති.
මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු සිදු කිරීමට ගැටලු ඇති වී බව විශ්ව විද්‍යාලයීය අභ්‍යාන්තර ආරංචි මාර්ග පවසයි .
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ මහාචාර්යවරුන්ගේ විදේශගත වීම වැඩි වි ඇති බවත් . එ හේතුවෙන් ප්‍රධාන වශයෙන් බලපෑම සිදුවි ඇත්තේ වෛද්‍ය පීඨය,ඉංජිනේරු පීඨය,විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවලට බවයි.
2022 වසරේ ජනවාරි සිට 2023 වසරේ මැයි දක්වා වූ මාස 16ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සහ මහාචාර්යවරු 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී සිටින බවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය .
