ඉකේට්‍රෝනික ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාකාලිකව නවතා දැමීමට රජය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඉලෙක්ට්‍රොනික බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් අධික පිරිවැයක් රජයට දැරීමට සිදු වන නිසා මේ තීරණය ගත් බවයි සඳහන් වන්නේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 15 කට අධික මුදලක් ඒ සඳහා වැය වන බවත් වර්ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් පමණ නිකුත් කිරීමට සිදුවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි .
මේ නිසා දැනට ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයම තව දුරටත් පවත්වාගෙන යාමටත් ඉදිරියේදී නැවත ඉලෙක්ට්‍රෝනික විදේශ ගමන් බලපත්‍රය පිළබඳව සලකා බැලීමටත් තීරණය කර ඇති බවයි වාර්තා වේ.
