කොළඹ කටුනායක ගුවන් තොටුපල සඳහා ආරක්ෂක නිලධාරීන් බදවා ගැනීමේදී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මැදිහත් වී ඇතැයි චෝදනා එල්ල වීම හේතුවෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වනවා.
දින කිහිපය තුළ ගුවන්තොටුපල ආරක්ෂක සේවයට නිලධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කිහිපයක් පවත්වා ඇත.
අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් පිරිමි නිධාරීන් 25 ක් සහ කාන්තා නිලධාරීන් 50ක් තෝරාගෙන ඇති බවට එහි සිටි ඇතැමුන් චෝදනා එල්ල කිරීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගත් බව සදහන් වෙයි .
