යාපනයේ ප්‍රදේශයේ වයස අවුරුදු 19 ක තරුණියක් සමග සබදකමක් පැවැත්වු අවුරුදු 54 ක පුද්ගලයෙකුට ඥාතීන් පිරිසක් විසින් පහර දී ඝාතනය කොට ඇත

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ සංගවේලී ප්‍රදේශයේ පදිංචි මරියදාස් ජෙගදාස් නමැති අයෙකි

වයෝවෘද්ධ පුද්ගලයා එම තරුණිය සමග ප්‍රේම සබදතාවක් ගොඩ නගා ගැනීමෙන් පසුව පවුල් දෙකේම ඥාතීන් ඊට විරුද්ධ වී ඇති අතර දින කීපයකට පසුව ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

මේ පිළිබදව උරණ වූ පවුල් දෙකෙම ඥාතීන් ඔවුන් දෙදෙනාට දුරකතන ඇමතුමක් ලබා දී ඔවුන් විවාහ කොට එක නිවසක පදිංචි කරවන බවට පොරොන්දු වී ඔවුන්ව කැඳවාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා පැමිණීමෙන් පසුව ඇති වූ ආරවුලක් මත දෙපාර්ශ්වයේම ඥාතීන් විසින් පහරදීමෙන් පසුව තුවාල ලැබූ පුද්ගලයාව යාපනයේ තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

චුන්නාකම් පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page