යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනාගන්නට අද (10) උදෑසන හැකි වුණා.

ඒ කැරිබියන් රාජ්‍යයේ ට්‍රිනිඩෑඩ් හා ටුබෑගෝ හි පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ දීය.

අද අලුයම පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අඹගමුව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අයෝමාල් අකලංක ක්‍රීඩකයා සමත් වු අතර ඔහු එහිදී දැක්වූ දක්ෂතාව තත්පර 51 යි දශම හයයි එකකි .

එසේම උස පැනීම ඉසව්ව නියෝජනය කළ නිලුපුල් තේජාන් මීටර 2 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page