ජනතාව මේ මොහොතේ ඉල්ලන්නේ ජිවත් වෙන්න පුලුවන් වතාවරනයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි .
ඇතැම් පිරිස් මැතිවරණයක් ඉල්ලා සිටිම , මේ රට නැවත අස්ථාවර කිරිමේ උත්සහයක් බවත්. ඒය ජාත්‍යන්තර උවමනාවන් මත සිදුවනවා විය හැකි බවද ඔහු සදහන් කරන ලදි.
ඔහු මේ බව සදහන් කලේ ලග්ගල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය පිහටුවමින් සිදු කරන ලද රැස්වීම අමතමින්ය.
ඉදිරියේදී ආසියාවේ බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත්වන අතර රනිල් වික්‍රමසිංහ බල සම්පන්න නායකයෙක් ලෙස ලෝකයේ රාජ්‍ය නායකයන් පිළිගන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
රට ගොඩනැඟීම වෙනත් කිසිදු කෙනෙකුට හැකියාවක් නැහැ.රටේ ජනතාව විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණයි .මේ වෙලාවේ සියලු දෙනා එකතු විය යුතුයි. සියලු පක්ෂ වල අය සමග එකතු වි කටයුතු කිරිම ඉතා වැදගත් , සියලුම දෙනා එකතු වෙලා මේ රටේ අනාගත පරපුරට මේ රට රැක දිමේ වගකීම බාර ගත යුතුයි .
ජනතාවට ජිවත්වෙන්න පුලුවන් රටක් බවට පත් කරලා මැතිවරණයකට යන්න සුදානම්, බඩගින්නේ ඉන්න ජනතාවට ජන්ද පොලට යන්නේ වෛරයෙන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාවගේ බඩ ගින්න නිවලා රට ඉදිරියට ගෙනියන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර මැතිවරණයක් පවත්වයි. එදාට ජනතාවට පුලුවන් ජන්ද පොලට ගිහින් ජන්දය පාවිච්චි කරන්න.



