ජාතියේ උන්නතිය වෙනුවෙන් අවංකව කටයුතු කරන්නේ නම් රජයට සහාය දීමට තමා සූදානම් බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රජය සද්භාවයෙන් කටයුතු කරන්නේ නම් තම විශේෂඥ දැනුම සහ සහයෝගය රජයට ලබා දීමට පක්ෂයක් ලෙස සූදනම් බව ඔහු පවසයි.
මේ වන විට රට දැඩි අර්බුදකාරී තත්ත්වයක පවතින බවත් දිගු නියඟයට මුහුණ දෙමින් රටේ ජනතාව පිඩනයට පතිවි ඇති බවත් ඔහු පැවසූහ.
මේ වන විට ගුරුවරුන් පන්දහසක් පමණ විදේශගත වී ඇති බවත් වෛද්‍යවරුන් ද රට හැර යමින් සිටින බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා රටට පුළුල් ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් පවසයි
නව වාරි ව්‍යාපෘති අවශ්‍ය කරන බවත් මුහුදට ගලා යන ජලය ප්‍රයෝජනයට ගැනීම කළ යුතු බවත් හෙතෙම පෙන්වා දිය.
කෙසේ වෙතත් දේශපාලන ක්‍රීඩා වලින් වැළකී රටේ අභියෝගවලට මුහුණ දීමට ජාතික සැලැස්මක් ක්‍රියාවට නැංවීමට සහාය රජයට සහාය දීමට තමා සූදානම් බව පැවසූ ඔහු තවදුරටත් දේශපාලන ක්‍රීඩාවක යෙදෙන්නේ නම් රජයට සහාය නොදෙන බවද කියා සිටියා.
