සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදි ඊයේ (අගෝ. 21) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් විවෘත කරනු ලැබුවා.

සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව යාම විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බව ත්, ඒවා වැළැක්වීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බව ත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසයි .

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබෙන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවය කරයි .

මාස තුනක නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, මෙහි සිදුකළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page