ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 9 ක් ලබන ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට මෙරට නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එක් වරක් පමණක් භාවිතා කරන ලෙස නිපදවා ඇති බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික්, මල්මාලා සහ ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි යන භාණ්ඩ මෙසේ තහනම් කර තිබේ.

එම භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර දේශීය භාවිතය ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම ද තහනම් කර ඇත .

එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page