රුපියල් මිලියන 150,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා ලංසු කැඳවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික අලෙවිකරුවන් ගෙන් හෝ අනෙකුත් බලපත්‍රලාභි වාණිජ බැංකු වලින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නා ලෙස මහජනතාවට දැනුම් දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි 2023 අගෝස්තු මස 29 දින පෙරවරු 11.00 වන විට ලංසු බාර ගැනීම අවසන් කරන බවත් 2023 සැප්තැම්බර් මාසේ පළවෙනිදා සිට නිකුතුවේදී දිනය වේ.
ලංසුවේ අවම තැන්පතුව රුපියල් මිලියන 5ක් වන අතර එය දින 91, දින 182 සහ දින 364 වශයෙන් කල් පිරෙන ලෙස ලබාගත හැක.
