සිම්බාබ්වේ පැවති ජනාධිපතිවරණයේදී
Zanu-PF පක්ෂයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා හෙවත් ‘The Crocodile’ සිය දෙවන ධුර කාලය සදහා තේරී පත්ව ඇතිබව සිම්බාබ්වේ මැතිවරණ කොමිසම (ZEC) විසින් නිවේදනය කරයි .
මිලියන 2.3 ජන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔහු ජයගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 52.6 කි.
ඔහු හා තරග කළ සිම්බාබ්වේ පුරවැසි සන්ධානයේ (CCC) නෙල්සන් චාමිසා ජන්ද සියයට 44 ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ඡන්ද මංකොල්ලකෑම් සිදුවී ඇති බවයි.
1980 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් රට නිදහස ලැබූ දා සිට වසර 43 ක කාලයක් සිම්බාබ්වේ පාලනය කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ Zanu-PF පක්ෂයයි. සිම්බාබ්වේ පසුගිය මාසයේ ලෝකයේ ඉහළම උද්ධමන අනුපාත වලින් එකක් වූ අතර, ජූලි මාසයේ මිල ගණන් පෙර වසරට වඩා සියයට 101.3 කින් ඉහළ යන ලදී . විරැකියාව ද බහුලව පවතින අතර, සිම්බාබ්වේ විධිමත් රැකියා කරන්නේ සමස්ත ජනගහනයෙන් සිය 25 ක් පමණි
