ස්වාධීන රාජ්‍යක් ලෙස ක්‍රියාත්මක වුවත් ,චීනය, තායිවානය තම රටට අයත් ප්‍රාන්තයක් ලෙස සලකන බැවින් ජගත් සංවිධානය තායිවානය රටක් ලෙස පිළි නොගෙන ඇත.

1979 වසරේ දි අමෙරිකාව හා චීනය සබඳතා ඇතිකරගන්නා අවස්ථාවේ ඇති වූ එකඟතාවයක් වූයේ අමෙරිකාව විසින් තායිවානයට රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලබා නොදිමයි.

එහෙත් අමෙරිකාව හා චිනය අතර ඇති ආර්ථිකමය යුද්ධය මේ සියල්ල වෙනස් කරමින් තිබෙන අතර තායිවාන නායකයන් අමෙරිකාව සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරයි .

මේ වන විට දකුණු චීන මුහුදේ අමෙරිකානු යුද නෞකා සැරිසැරීම වාතාවරණය හමුවේ අමෙරිකාවේ ජෝ බයිඩන් ස්වෛරී රාජ්‍යයන් වෙත යුද ආධාර ලබාදීමේ පදනම භාවිත කරමින් අමෙරිකාවෙන් තායිවානයට යුද ආධාර ලබාදීමට කටයුතු කරයි .

බයිඩන් පාලනය අනුගමනය කරන මෙම පියවර පිළිබඳව නියත චීනය ප්‍රකෝපයට පත් විය හැකි බව විචාරකයින් පවසයි

ස්වාධීන රාජ්‍යයක් සේ සලකා මෙරටට යුද ආධාර ලබාදීම ප්‍රසාදයට ලක්කරමින් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අමෙරිකා එක්සත් ජනපදය පවතින නීතිරීති යටතේ දැනටමත් තායිවානයේ ප්‍රහාරක හැකියාවන් ශක්තිමක් කර ඇති බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page