ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව සියලුම ඉන්ධන වර්ග වල මිල ඉහළ දමා ඇති අතර අදාල නව මිල ගනන් පහත වේ

පෙට්‍රල් ඔක්ටෙන් 92 රුපියල් 13 කින් ඉහළ ගිය අතර එහි නව මිල වන්නේ රුපියල් 361 කි. ඔක්ටෙන් 95 රුපියල් 42 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417 ක් ලෙස සදහන් වේ.

ලංකා සුදු ඩිසල් රුපියල් 35 කින් වැඩි වු අතර එහි නව මිල රුපියල් 341 ලෙස ද ලංකා සුපර් ඩිසල් රුපියලකින් වැඩි වි නව මිල ලෙස රුපියල් 359 ක් ලෙස සදහන් වේ.

භූමිතෙල් මිල රුපියල් 5 කින් වැඩි විම නිසා එහි නව මිල රුපියල් 231 දක්වා ඉහළ යන ලදි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page