18 වන G-20 සමුළුව අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ විය .

රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර G-20 සමුළුව දකුණු ආසියාතික රටක පැවැත්වෙන්නේ පළමු වරටයි.

අද සහ හෙට පැවැත්වෙන G – 20 සමුළුව සදහා චීන ජනාධිපති ෂි ජින් පින් මහතා සහභාගී වී නොමැති අතර රුසියානු ජනාධිපති වැලැද්මියර් පුටින් මහතා ද සහභාගී නොවන බව දැනුම් දී තිබේ .

දිල්ලි අගනුවර විශේෂ ආරක්ෂණ වැඩ පිළිවෙළක් ද යොදවා තිබෙන අතර සමුළුව ආරම්භයට පෙර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂිත ද්විපාර්ශ්වික හමුවක් ද පවත්වා ඇති බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page