‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ විසින් කරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට නම් කර ඇත .
‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’
උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොළී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යසාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබයි.
එම ශ්‍රේණි ගත කිරීම A” සිට F” දක්වා සිදු කර ඇත . A ” ශ්‍රේණිය යටතේ සාර්ථකම මහ බැංකුව අධිපතිවරුන් 21 දෙනෙකු කාණ්ඩ තුනක් යටතේ නම් කර ඇති අතර ඒ අනුව A- කාණ්ඩයට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී ඇත.
මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් ලෙස A+ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් තුන්දෙනෙකුට හිමි වූ අතර ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් එහි පළමු තැනද සුවිස්ටර්ලන්ත සහ වියට්නාමය A+ ශ්‍රේණියේ සිටින අනිත් බැංකු අධිපතිවරුන් වේ.

