වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය රජය විසින් සිදු කල යුතු වුවත් එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බැවින් ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කලේ පසුගිය දා කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
ඔහු වැඩි දුරටත් සදහන් කලේ …
වසර 40කට පසුවයි මේ ප්‍රතිසංස්කරණය සිදු වෙන්නේ.
කිරිදිඔය ව්‍යාපාරය පමණක් නොව මෙරටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුලින් කෘෂිකර්මාන්තය දියුණු කල යුතුයි . කිරිදිඔය ව්‍යාපාරයේ දකුණු ඇළේ කිලෝමීටර 26ක ජලජ පැලෑටි සහ රොන්මඩ ඉවත් කිරීමේ වැඩසටහන අපි අද ක්‍රියාත්මක කරා.
ආණ්ඩුවට මුදල් නොමැති නිසා 10000 කට වැඩි ගොවි ජනතාවක් වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට අප කටයුතු කරනවා .ඒ සඳහා වන ලක්ෂ 25ක මුදල පියවරෙන් පියවර ලබා දෙන බවත් පළමු පියවර ලෙස ලක්ෂ 10ක මුදලක් ලබා දුන් බවත් ඉන් අනතුරුව වැඩ කෙරීගෙන යන ආකාරයට එම මුදල් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සදහන් කලා.
අපේ රට කෘෂිකාර්මික රටක් බැවින් රට තුල කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු බවත් හැකියාවක් ඇත්නම් යල මහ කන්නවලට අමතරව අතුරු කන්නයකටත් යා යුතු බවත් ඒ තුළින් ආහාර වැඩි ලෙස නිෂ්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම අද රට තුළ ආහාර සුරක්ෂිතභාවය නොව ආහාර අනාරක්ෂිත භාවයක් ඇතිව තිබෙන බවත් අනාගත ජනාධිපතිවරයා ලෙස තමාගේ පළමු පියවර වන්නේ රටේ වාරි පද්ධති අංග සම්පූර්ණ පුනරුත්ථාපනයකට ලක් කරන බවත් මේ සඳහා අවශ්‍ය මුදල් හොයන ආකාරය ගැන කවුරුත් වද නොවිය යුතු බවත් ජාත්‍යන්තරයේත් ධානපතියන්ගේත් හිත දිනා ගෙන විශ්වාසය දිනා ගෙන දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් තොරව රටට වැඩක් කිරීමට අවශ්‍ය මුදල් හොයන ක්‍රමවේදය දන්නා බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා .
එසේම පාර්ලිමේන්තු අනපනත් ගෙන එන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වුවත් එය සම්මත කිරීමට රාජ්‍ය අනුග්‍රහයක් අවැසි බවත් මේ රජය කිසිදු අවස්ථාවක වී වලට සහතික මිලක් ලබා දෙන මිල සූත්‍රයක් ලබා දෙන්න සූදානම් නොමැති කෘෂිකාර්මික විරෝධි ආණ්ඩුවක් ලෙස හැදින්විය හැකි බවත් මේ ආණ්ඩුවේ ප්‍රධානීන් පසුගිය රජය කාලයේ වී ගොවීන් හෑල්ලුවට ලක් කරමින් ගුවන්තොටුපොළවල පවා වී ගබඩා කළ බවත් එවැනි දේ සිදු කලේ සජිත් ප්‍රේමදාස වන තමාගේ ඡන්ද අඩු කිරීමේ කුමන්ත්‍රණයකට බවත් විපක්ෂ නායකවරයා පැවසුවා .
සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැතිව වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට උසස් පෙළ විභාගය විෂය නිර්දේශය හරියට සම්පූර්ණ නොකර තියන බවත් මේ වන විට 2022 උසස් පෙළ ප්‍රතිඵලවත් නිකුත් නොකර 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මස පැවැත්වීමට දින නියම කර ඇති බවත් එය 2022 උසස් පෙළට පෙනී සිටි ළමුන්ට අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. හරියාකාරව සිදුවන්නේ නම් 2024 මාර්තු වන තුරු මෙම ඉගැන්වීම් සිදුකළ යුතු බවත් එය නිලධාරීන්ගේ පහසුවට බවත් ඔවුන්ගේ පහසුවට උසස් පෙළට පෙනී සිටින ළමුන් බිලි දී ඇති බවත් උසස් පෙළ ප්‍රතිඵල පවා ප්‍රමාද වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ වරදක් නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවා පාමීන් රනිල් ජනාධිපතිවරණයට ඉල්ලනවා නම්4 සජිත් ඉල්ලන්නේ නැති බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් මවා පාන බවත් මෙම ප්‍රකාශ සිදු කරන්නේ තමා ජනාධිපතිවරයාට ඉල්ලන විට ගෝඨාභය එක්ක ගිවිසුම් ගසා තමා පරාජය කිරීමට උත්සාහ කළ අය බවත් මේ අයගේ මනස විකෘති වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ අයට දිය හැකි පිළිතුර වන්නේ විපක්ෂ නායකවරයා ලෙස තමා ජනාධිපතිවරණයට පෙනී සිටින බවත් මොවුන් තමා ජනාධිපතිවරණයට පෙනී නොසිටින බවට ප්‍රවෘත්ති පළ කර සිටීමෙන් තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානයක් ඇති බවට පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. තවද කිසිදු අවස්ථාවක තමා මරණයට බියවන නිවටයකු නොවන බවත් ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් තමා කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් දමා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය



