සෞඛ්‍ය ඇමතිට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇති බව එහි නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ය.

ඔහු වැඩි දුරටත් සදහන් කලේ

අද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සය විධ අර්බූදයකට මුහුණ පාලා තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වල බරපතල හිඟයක් තිබෙනවා. ඒ නිසාම විවිධ රෝග වලට දෛනිකව ලබා ගත යුතු ඖෂධ නොමැති වීමෙන් ජනතාව විශාල වශයෙන් මිය යනවා.

ඖෂධ ද විකුණනු ලබන්නේ සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි මිලකට. ඒ නිසාම ඖෂධ ඔසුහල්වල තිබුණත් සාමාන්‍ය ජනතාව ඒවා මිල දී ගැනීමට නොහැකි වීමෙන් විශාල රෝගින් සංඛ්‍යාවක් මිය යනවා. මේ අය හෘදයාබාධ වලින් වකුගඩු අක්‍රිය වීමෙන් මිය ගිය බවට පැවසුවත් සෞඛ්‍ය අර්බූදය නිසා මිය ගිය බවට වාර්තා පොතට එකතු වෙන්නේ නෑ.

රජයේ රෝහල්වල තිබෙන ඖෂධ නිසි ප්‍රමිතියට නෑ. ඒ ප්‍රශ්නය දෙයාකාරයි. එක පැත්තකින් ඒ ඖෂධයේ අනිසි අතුරු ප්‍රතිඵල නිසා ජනතාව මිය යනවා. නැතිනම් අතුරු ආබාධ වලට ගොදුරු වෙනවා. තවත් පැත්තකින් ඖෂධයෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවීම නිසා රෝගීන් මිය යනවා.

උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම. බාල උපකරණ මිල දී ගැනීම වගේම නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා ද උපකරණ ක්‍රියා විරහිත වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විධියට රෝග විනිශ්චය සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වෙනවා විතරක් නොවේ ශල්‍යකර්ම සිදු කිරීම ද ඇණ හිට තිබෙනවා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page