2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට ඉන්දීය කණ්ඩායම මේ වන විට සුදුසුකම් ලබා ඇත.

ඒ පසුගිය දා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වටයේ පස්වැනි තරගයේදී නේපාලය පරාජය කරමින් ඉන්දියානු පිල කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමත් සමගය.

ඉන්දීය පිල ලකුණු 145 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 20.1 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

ඉන්දීය ඉනිමේ තුන්වැනි ඕවරයේදී වාර්ෂා ඇදහැළීම නිසා ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දීය පිලට ඕවර 23 කදී ලකුණු 145 ක ඉලක්කයක් ලබා දුනි.

නේපාල පිල ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 230 (කුෂාල් භූටෙල් 38, අසීෆ් ශීක් 58, ගුල්සාන් ජා 23, දීපෙන්ද්‍ර සිං 29, සොම්පාල් කැමී 48, මොහොමඩ් සිරාජ් 61/3, රවීන්ද්‍ර ජඩේජා 40/3) ඉන්දීය පිල ඕවර 20.1 කදී කිසිවකු නොදැවී 147 (රෝහිත් ශර්මා නොදැවී 74, ෂුබ්මන් ගිල් නොදැවී 67)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page