පාර්ලිමේන්තුව තුල සිටින හොරුන්ගේ කණ්ඩායමේ තමන් සහ තවත් කිහිප දෙනෙකු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි.

රටේ කෘෂිකර්මාන්තයට තරුණ පරපුර යොමු නොවන බවත් අනාගතයේ දී කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රික්තකය පිරවීමට නොහැකි බවත් මහ පොලොවෙ ඕනම පැලයක් පැල වුවත් පැල කරන්න මිනිස්සු නැති වෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න තවදුරටත් අදහස් දක්වමින්..

2020 තමන් පාර්ලිමේන්තුවට එන්නේ ක්‍රමවේදය වෙනස් කිරීමේ අරමුණින් , අදටත් එසේ ක්‍රමවේදය වෙනස් වෙන බවක් පෙනෙන්නට නැහැ, තමන් මෙම ක්‍රමවේදය වෙනස් කිරීමේ හැඟීමෙන් තවමත් සිටිනවා. රටේ මිනිස්සු වෙනුවෙන් එම කාර්ය කිරීමේ වගකීමෙන් කටයුතු කරනවා.

විශ්වාසභංගය ඉදිරිපත් කිරීම සම්බන්ධව විපක්ෂයට ස්තූතිවන්ත වෙනවා. ව්‍යවස්ථානුකූලව විපක්ෂයේ කාර්යභාරය නිසි ආකාරව කිරීම සම්බන්ධව . රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන මෙතන සාකච්ඡා කිරීම වැදගත්, ප්‍රශ්නය කතා කිරීමෙන් පමණින්ම මිනිස්සුන්ව සතුටට පත් කිරීමේ සංස්කෘතියට අපි තවදුරටත් ගෙනියන්ඩ ඉඩ නැ. කතා කරනවා කියන රංගනයද මෙතන අපි ඉදිරිපත් කරන්නේ, ප්‍රශ්න විසඳීම මත මිනිස්සුන්ව සතුටට පත් කිරීම යන සංස්කෘතිය අපි නැවත මේ රටට හඳුන්වලා දෙන්න ඕනේ.

මේ රටට හාමුලාගේ පුතාලා ඒ පරම්පරාවල් පවුල් නායකත්වය දෙන යුගය අවසන් කරන්න ඕනේ,
අපි මේ රටට නැවතත් නායකත්වය දෙනවා.මේ රටට නැවත නායකත්වය දෙන්න ඔනේ අපි වගේ සාමාන්‍ය පවුල්වල තරුණ දරුවෝ.සාමාන්‍ය පවුල්වල තරුණ නායකත්වයක් හැදෙන යුගයකට අපි අනාගතය නිර්මාණය කරනවා.

මම තනිවම පටන් ගන්නවා.අපි අනාගතයේ මේ පවතින දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නැහැ.අපිට ඕන මේ රටට හොඳ මැනේජ්මන්ට් ටීම් එකක්. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙන්න ඕන.
හරි සිස්ටම් එකට මේ රට දියුණු ව දැක්කට පස්සෙ අපි ආපහු හැරිලා ගෙදර යනවා.අපි ආපහු මෙතන ඉන්නේ නෑ.ඊළඟ පරම්පරාවට මේක බාර දීලා අපි යන්න ඕනි.මේවා අපිට අල්ලං ඉන්න පුළුවන් දේවල් නෙවේ.

රටක් භාරදෙන්න පුද්ගලයකුට නෙමෙයි.සිස්ටම් එකකට .මෙතන සිස්ටම් එකක් නැති නිසයි අපේ මිනිස්සු වෙනත් රටවල් වලට යන්නේ .සිස්ටම් තියෙන තැනකට
මම තනියම හරි පටන් ගන්නවා.යමක් දීලා යන්න කැමති මිනිස්සු අපිත් එක්ක එකතු වෙන්න.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page