කැබිනට් සංශෝධනයක් මේ මාසය තුළ සිදුවනු ඇති බවට දේශපාලන කවයන්හි තොරතුරු පැතිරෙමින් පවති.
සිදුවනු ඇතැයි කියන කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර හතරක් පිහිටවනු ඇති බවත් හිටපු අමාත්‍යවරුන් තිදෙනකුට හා දැනට ස්වාධීනව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුට එම ධුරයන් හිමි වනු ඇති බවද වර්තා වේ.
මෙම මන්ත්‍රීවරයා දැනට පාර්ලිමේන්තුවේ විකල්ප කණ්ඩායමේ නායකයකු ලෙස කටයුතු කරන්නෙකි.
නව අමාත්‍ය ධුර නිර්මාණය කරනු ඇත්තේ දැනට ඇමැති ධුර දරන අයගේ විෂයයන් කිහිපයක්ව ඉවත් කරමිනි බවත් සදහන් කරයි .
ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තවත් අමාත්‍යධුර අටක් පත් කිරීමේ හැකියාව ඇති නමුත් ජනාධිපති කාර්යාලය මෙතෙක් එම නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳව පුවත සනාථ කරන නැත.
