IMF ණය වැඩසටහන යටතේ එහි දෙවැනි සාකච්ඡා වටය ලබන 14 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත .
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් බවයි.
නිලධාරී මටට්මෙන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු අදාළ පාර්ශව මෙම සාකච්ඡා සඳහා සහභාගී වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .
අවසාන සාකච්ඡාව සහ ආරම්භක සාකච්ඡාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සිදු කිරීමට නියමිත බව ද සදහන් කරයි .
දෙවන වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 330 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබීමට නියමිතය.
