මෙරට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් සියයට හතළිහකට අධික ප්‍රමාණයක් සපයන නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරය ක‍්‍රියාත්මක කිරීමට ඉංජිනේරුවන්ගේ හිඟතාවයක් මතුව තිබේ.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තුන්වන ජනන යන්ත්‍රය මේ වන විට ක්‍රියා විරහිත කර ඇති අතර එය නොවැම්බර් මස දී යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
නමුත් එම කාලය වන විට බලාගාරයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් ප‍්‍රමාණය ප්‍රමාණවත් නොවන බව මේ වන විට දැනුම්දී තිබේ.
එම බලාගාරයේ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු 40 අවම වශයෙන් සිටිය යුතුයි නමුත් මේ දක්වා සිටින්නේ 34 ක පමණ ප්‍රමාණයකි. සෙසු පිරිස මේ වන විටත් විදෙස්ගත වී ඇති අතර තවත් 13 ඉදිරි මාස දෙක ඇතුළත විදෙස් ගත වීමට සූදානමින් සිටී
