බලහත්කාරකම් කරලා, ඒ අස්වැසුම වැඩසටහන කරගෙන යන්න උත්සාහ කරනවා නම් ඉදිරියේ දී ග්‍රාම නිලධාරීන් කරන ව්‍යවස්ථාපිත හා සියලුම රාජකාරීවලින් ඉවත් වෙන්න වෙනවා.”

අස්වැසුම සංවර්ධන වැඩසටහනට අයත් කාර්යයන්වලින් ඉවත් වී ඇති අවස්ථාවක එම කාර්යයන් බලහත්කාරයෙන් සිදුකරගැනීමට උත්සාහ කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරී සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ, වෙනත් නිලධාරින්ට පැවරී ඇති රාජකාරී සිදුකිරීමට තම සංගමයේ නිලධාරීන් බැඳී නොමැති බවය.

අස්වැසුම සංවර්ධන වැඩසටහනේ රාජකාරී කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන්ට විවිධ බලපෑම් එල්ල වන බව ඔහු පවසයි.

අඛණ්ඩව මෙවැනි බලපෑම් එල්ල වන්නේ නම් සාමාන්‍ය රාජකාරීවලින් ඉවත් වීමට පියවර ගන්නා බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේය.

“අස්වැසුම ක්‍රියාවලිය කියන්නේ, සමෘද්ධි වැඩසටහනම තමා. සමෘද්ධි වැඩසටහන කරන්න, සමෘද්ධි නිලධාරියෙක් 1994 ඉඳලා පත්වෙලා ඉන්නවා. එතකොට ඒ නිලධාරියාගේ කාර්ය තමා මේ ග්‍රාම නිලධාරීවරයාගේ ඇඟේ ගහන්න හදන්නේ. අපි කියන්නේ වෙනත් නිලධාරීන්ගේ රාජකාරි කරන්න අපි බැඳිලා නෑ. සමෘද්ධි නිලධාරියා වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරන් ඉවත්වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට කිසිම බලපෑමක් මේ වගේ කරන්නේ නෑ. ඒ සමෘද්ධි නිලධාරියාව ආරක්ෂා කරනවා. සමෘද්ධි නිලධාරී සංගමයේ සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් වශයෙන්. ග්‍රාම නිලධාරීවරුන් රකින්න අමාත්‍යාංශයේ ලේකම්වරයත් නෑ. ප්‍රාදේශීය ලේකම්වරයාත් නෑ. දිසාපතිලත් නෑ. ග්‍රාම නිලධාරීන්ට යාචකයෝ වගේ පවරන හැමරාජකාරියක්ම කරන්න වෙලා තියෙනවා. මේ ආකාරයට

මේ අතර සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් අත්පත් කරගැනීම සඳහා ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කළේ, රජය ගෙන යන මෙම වැඩපිළිවෙලට එරෙහිව සමස්ත සමෘද්ධි නිලධාරීන් එක්ව කටයුතු කරන බවය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page