ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 1.3 දක්වා පහත වැටී තිබේ .

ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 4 ක් වු උද්ධමනය සැප්තැම්බරයේ මාසයේ දී සියයට 1..3 දක්වා පහත වැටී තිබේ.

ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සියයට ඍණ 4.8 ක් වු අතර සැප්තැම්බර් මාසයේ දී ඒය සියයට ඍණ 5.2 දක්වා තවදුරටත් පහත වැටී තිබීම විශේෂත්වයකි.

අගෝස්තු මාසයේ දී සියයට 8.7ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහත වැටී ඇත්තේ සියයට 4.7 ක් ලෙසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page