මාපියන් විසින් ජංගම දුරකතනය ලබා ගත්තේ යැයි උරණ වී පිහියකින් ශරීරය කපා ගෙන ප්‍රචණ්ඩ ලෙස හැසිරීමෙන් පසු විශාදය තත්ත්වයට පත්ව රෝහල් ගතකළ තරුණයෙක් රෝහලේ පස්වන මහලින් පැන සිය දිවි නසාගෙන ඇති බවට වාර්තා වනවා.

මෙම තරුණයා දිනකට පැය 18ක් පමණ ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇති අතර එසේ නොකරන ලෙස දෙමාපියන් අවවාද කිරීම නිසා උරණ වූ මෙම තරුණයා පිහියකින් ශරීරය කපාගෙන තිබෙනවා.

පන්විල කන්දේකුඹුර ප්‍රදේශයේ පදිංචි හර්ෂණ ලක්ෂාන් දිල්රුක්ෂ නැමැති මෙම තරුණයා රෝහලේ පස්වන මහලින් බිමට පනින්ට පෙරලිපියක් ද ලියා තිබෙන බව පොලීසිය පවසයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page