ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබා දීම ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි .

. සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය උදෙසා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා වූ තිරසර ව්‍යාපාරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමේ සංසදයට පසුගියදා එක් වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ ….

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට සහ රැකියා නියුක්තියෙන් සියයට 45 කට දායකත්වය දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය රැක ගැනීම මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යාමේ ප්‍රධානතම සාධකයක් වන බවයි.

ආර්ථිකයේ යම් පිබිදීමක් සිදු වෙමින් පැවැතිය ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අර්බුදයක් තුළ සිටිනවා.

2024 වන විට රටේ ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කරනවා. එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකත්වය වෙත ධනාත්මක ලෙස බලපානු ඇත. දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ බහුතරයක් කටයුතු මෙ වන විට අවසන් කර ඇත.

අදාළ ණය ඇපකර ලබා දීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉදිරි මාස කිහිපය තුල ඒය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සාර්ථිකව මුහුණ දෙමින් සිටින අප විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවකින් පසුවනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page