හිරු TV සලකුණ වැඩසටහනට මෙවර පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම අදහස් පල කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපහසුතාවට පත් කරන ලදි
කාලීන දේශපාලන සිදුවීම්වලට අදාල කාරණා මෙන්ම හිටපු ජනාධිපතිට එල්ල වන පාස්කු ප්‍රහාරය සම්බන්ධ වන චෝදනාව සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර හිටපු ජනාධිපතිවරයා එම වැඩසටහෙන් ආකෘතිය කණපිට හරවමින් දිගින් දිගටම අදහස් පල කරන්නට විය.
වැඩසටහන මෙහෙයවන චමුදිත සමරවික්‍රම ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනාට ඔවුන්ගේ ප්‍රශ්න ඇසීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඉඩ දුන්නේ නැත.
එක් අවස්ථාවක සිරිසේන මහතා කියා සිටියේ පත්තරේ විස්තරේ කියන්නේ චමුදිත සමරවික්‍රම බොරු කියමින් මඩ ගසමින් නින්දා අපහාස කරමින් විශාල පාපයක් සිදු කරගන්නා බවත් පවුල් කඩාකප්පල් කරමින් කොම්පැණි කඩා වට්ටමින් ඔහු සිදුකරන මහා පාපය දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය කර්ම ලෙස කිසියම් අවස්ථාවක පඩිසන් දෙනු ඇති බවත්ය.
පත්තරේ විස්තරේ නමින් කියන බොරුවලට චමුදිත දිනක අපාගත වනු ඇති බවත් නියත වශයෙන් ම කටු ඉඹුලේ අරිනු ඇති බවත් ඔහු කියා සිටියේය.
