පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කීපයක ගංගා පිටාර මට්ටමට පැමිණ ඇත.

ඇතැම් ප්‍රදේශයන්හි මෙම තත්ත්වය සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද පවතිනු ඇති බැවින් ගංවතුර තත්වය තවත් වර්ධනය වීමේ අවදානමක්ද මතුව තිබේ.

රත්නපුර ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගෙඟ් ජල මට්ටම ඉහළ ගොස් ඒ ආසන්න පහත් බිම් ජලයෙන් යටවී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේද කුඩාගඟ පිටාර ගැනීම මත මාර්ග කිහිපයක් ම ජලය යට වී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page