චැනල් 4 නාළිකාව ප්‍රචාරය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝ පටය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කීර්ති නාමයට හානි වී ඇති බැවින් චැනල් 4 නාළිකාවෙන් වන්දි අය කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කිරීමට සුදානම් බව වාර්තා වේ.
මෙම වීඩියෝ පටය ව්‍යාජ බවට චැනල් 4 නාළිකාවේ අධ්යක්ෂ හා විධායක නිෂ්පාදක පසුගිය දා පිළිගෙන ඇත.
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලෙයි සහ මෙම චිත්‍රපටයේ කතානායකයා අතර සම්බන්ධයක් නොතිබුණු බවට චැනල් 4 නාළිකාවේ ප්‍රධානීන් මේ වන විට පිළිගෙන ඇත.
මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවට ඔප්පු වන බව ද එම නිසා මේ පිළිබඳ වහා ම පක්ෂය ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ද මෙම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇත.
තම පක්ෂ නායකත්වයට ඉන් සිදු වූ අපකීර්තිය සම්බන්ධයෙන් වන්දි ඉල්ලිය යුතු බව පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇත.
මැතිවරණ සමයක් ළඟ එන මොහොතක මෙවැනි ක්‍රියා සිදු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුව තිබිම පිළිබඳ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඉක්මනින් තීන්දුවකට ආ යුතු බවබ්මන්ත්රීවරුන් පිරිස යෝජනා කර තිබෙනවා .
