සජිත් ප්‍රේමදාස යනු වෙනස් වීමට අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සමගි ජන බලවේගය තමන් විශ්වාස කරන දේශපාලන ධාරාවේ ගමන් නොකරන බවත් සජිත් ප්‍රේමදාසගෙන් රටට වෙනස් යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ඔහු පවසයි .

යල්පැනගිය ජනතාව ප්‍රතික්ෂේප කළ සාම්ප්‍රදායික දේශපාලනයක ගමන් කරන සමගි ජනබලවේගය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිව පසු පෙල මන්ත්‍රීවරු බියෙන් පසුවන බවද ඔහු කියා සිටී.

සමගි ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස තමන් නම් කරන්නේ නම් පක්ෂයත් රටත් ජයග්‍රහණය කොට පෙන්වීමට තමා සූදානම් බවත් පවතින දේශපාලන ක්‍රමය පෙරලා දමා තමන් ආඥාදායක පාලකයකු වීමට සූදානම් බවත් ඔහු තව දුරටත් සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page