පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු 3 දෙනෙකු ගංජා තොගයක් ප්‍රවාහන කරමින් සිටියදී පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන 41 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සදහන් කර සිටියා .
මොවුන් ත්‍රිරෝද රථයකින් මාලිගාවිල ප්‍රදේශයේ සිට ඔක්කම්පිටිය ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ගංජා ග්‍රෑම් 810 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවන් 31 සහ 39 හැවිරිදි වියේ පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඊයේ (30) වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
