පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර ඇත .
ඒ අනුව මෙය ගාස්තු සංශෝධන ක්‍රමවේදයට පෙර මිල ඉහළ දැමිමට සිදුකරන ඉල්ලීමක් වීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ මහජන උපයෝගීතා කොමිසම වෙත සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් සිදුකරන බව විදුලි බලමණ්ඩල සදහන් කරයි
ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත .
