කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි.

රිය අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ පියා වසර ගණනාවකට පෙර එවකට හිටපු පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් මත ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස ස්වේච්චාවෙන් පොලිස් රෝහලේ සේවය කර ඇති බව පොලීසිය පවසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page