එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස අද (6) පැවැති තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරදා පාකිස්තානය ලකුණු 81 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායමක් මුලින්ම පන්දුවට පහර දීමටය විස්තර කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 49 ක් තුලදී සියලු දෙනා දැවි ලකුණු 287 ක් ලබා ගැනීමට සමත් විය

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නෙදර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 41 කදී සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වුයේ ලකුණු සංඛ්‍යාව 205 ක් පමණි .

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ඉමාන් උල් හක් 15, මොහොමඩ් රිස්වාන් 68, සවුද් ශාකීල් 68, මොහොමඩ් නවාස් 39, ශදාබ් ඛාන් 32, හැරිස් රවුෆ් 16, ශහීන් ෂා අෆ්රිඩි නොදැවී 13, පන්දු යැවිමේදි බාස් ඩී ලීඩ් 62/4, කොලින් අකීර්මන් 39/2

නෙදර්ලන්ත කණ්ඩායම .වික්‍රම්ජිත් සිං 52, කොලින් අකීර්මන් 17, බාස් ඩී ලීඩ් 67,පන්දු යැවිමේදි හැරිස් රවුෆ් 43/3, හසන් අලී 33/2)

තරගය හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ක්‍රීඩාංගනයේ පැවති අතර තරඟයේ විරයා පාකිස්ථාන් කණ්ඩායමේ සවුද් ශකීල් විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page