ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා පාකිස්තානය කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වු තරග දෙකම මේ වන විට පාරාජයට පත් විමත් සමග තරගාවලියේ රැඳි සිටිමට ඉදිරි තරග සියල්ල ජයග්‍රහණය කිරිම වැදගත් වනු ඇත.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම ශතක රැස් කිරීමට සමත් විය .

මෙන්ඩිස් ලකුණු 122 ක් පන්දු 77 ක ද සදිර සමරවික්‍රම ලකුණු 108 ක් පන්දු 89 කදි පැතුම් නිශ්ශංක ලකුණු 51 පන්දු 61 කදි ලබා ගත්හ.

සදීර අද සිය මංගල එක්දින ශතකය රැස්කළේය. ඔහුගේ ලකුණු 108ට 6 පහර 2ක් සහ 4 පහර 11 ඇතුලත් විය.

පාකිස්තානය වෙනුවෙන් හැරිස් රවුෆ් කඩුලු 2ක් දවාගත් අතර හසන් අලි කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්තානු කණ්ඩායම පන්දු වාර 48.2 කදි කඩුලු 4 ක් පමණක් දැවි ලකුණු 345 ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය .

එහිදී පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 131 පන්දු 121 ක් හා අබ්දුල් සහිෆ්කු 113 පන්දු 103 කදි ලබා ගත්හ

තරගාවලියේ වීරයා ලෙස පකිස්ථානයේ මොහොමඩ් රිස්වාන් නම් කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page