පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි .

ඒහි සැලැස්ම අනුව මෙගාවොට් 3000 ක් භුමිය හා ජලය මත පාවෙන සූර්ය පැනල මගින් විදුලිබලය උත්පාදනය කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බවත් මෙගාවොට් 1000 ක් සුලං ප්‍රභව මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සදහා වන බවත් සදහන් කරයි.

මේ සඳහා අවශ්‍ය ඉඩම් හදුනාගැනීම් සහ ජල ප්‍රභව හදුනාගැනීම් කටයුතු මේ වන විටත් සිදුවන බව අමාත්‍යවරයා සදහන් කර සිටි.

එහි පළමු පියවර ලෙස පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කිරීම සදහා මහා පරිමාණ ව්‍යාපෘති සංවර්ධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සතු සමනල වැව ජලාශයේ පාවෙන සුර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමට තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීම ද සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි .

මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරින් සහභාගි විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page