ඊයේ (06) අලුයම පැවති අධික වර්ෂා සහිත කාලගුණයත් සමඟ මීරිගම – මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය .
අනතුරකින් බස් රථ රියදුරා එම ස්ථානයේදීම මිය ගිය අතර මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ වන විට අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණය දිවයිනේ විවිධ ප්‍රදේශවල රිය අනතුරු බහුලවීමට බලපා ඇති අතර රියදුරන් දැඩි පරීක්ෂාවෙන් වාහන ධාවනය කල යුතු බව රථ වාහන හසුරුවන පොලිස් නිලධාරීන් සදහන් කරයි .
