ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේක්ෂා කරන ආදායම ලබා ගැනිමට හැකියාව නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දන්වා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි

අපේක්ෂිත ආදායම සපුරා ගැනීම සදහා අයකරන බදු ප්‍රමාණය ඉහළ දැමිය යුතුබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසා ඇතත් ජනතාව මේවන විට අසීමිත බදු ප්‍රමාණයක් ගෙවන බැවින් තවදුරටත් බදු වැඩිකර නොහැකි බව රජය එම නියෝජිතයන්ට දැන්වූ බවත් අමාත්‍යවරයා පැවසීය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන වසරේ පලමු කාර්තුව තුළ බලාපොරොත්තු වන මෙරට ආදායම සපුරා ගැනීමට පවතින තත්වය තුළ නොහැකි බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණිමට නියමිත බවත් අමාත්‍යවරයා සදහන් කරයි .

ඒ අනුව දෙවන ණය වාරිකය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එම නියෝජිතයන් කණ්ඩායම දිවයිනට පැමිණෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page