2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී ඊයේ අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබුවා.
ශ්‍රී ලාංකිය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 38 වෙනි වරටයි.
මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන කලාභූෂණ සම්මානය දිවයින පුරා විසිරී සිටින පරිනත කලාකරුවෝ 200 දෙනෙක් වෙනුවෙන් පිරිනමනු ලැබුවා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මාන ලාභී කලාකරුවන් සඳහා කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය , සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිමට අමාත්‍යාංශය කටයුතු යොදා තිබුණා .
